fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනය හා මියන්මාරය ගිවිසුම් 33කට අත්සන් තබයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2020 15:48

චීනය හා මියන්මාරය ගිවිසුම් 33කට අත්සන් තබයි

යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් චීනය හා මියන්මාරය අතර ගිවිසුම් 33කට අත්සන් තැබුණා.

දෙදින නිලසංචාරයක් සදහා චීන ජනාධිපති ක්ෂීජින් පින්ග් මියන්මාරයට පැමිණ සිටිනවා. චීන නායකයෙකු මෙසේ මියන්මාරයට පැමිණියේ වසර 19කට පසුවයි. චීන ජනාධිපතිවරයා හා මියන්මාර නායිකා අවුන්සා සුකී අතර පැවති හමුවකදී ගිවිසුම් 33කට අත්සන් තැබුණා.

දැවැන්ත යටිතල පහසුකම් රැසක් මේ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. නිරිත දිග චීනය ඉන්දීය සාගරයට සම්බන්ධවන දුම්රිය මාර්ගයක් ඉදිකිරීම ද මෙම ගිවිසුම්වලට ඇතුළත්.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2020 15:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්