fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් T20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාව රාජ්ෂාහි රෝයල් කණ්ඩායමට

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2020 15:40

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් T20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාව රාජ්ෂාහි රෝයල් කණ්ඩායමට

මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශුරතාව දිනා ගැනිමට රාජ්ෂාහි රෝයල් කණ්ඩායම සමත් වුනා. ඔවුන් හමුවේ ලකුණු 21කින් පරාජයට පත් වුයේ කුල්නා ටයිගර්ස් කණ්ඩායමයි.

ඩකාහි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රාජ්ෂාහී කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 04ක් දැවී ලකුණු 170ක් රැස් කළා. ඉර්ෆාන් සුකුර් ලකුණු 32ක් ලබා ගත්තා. නායක ඇන්ඩ්‍රි රසල් වේගවත් ලකුණු 27ක් සහ මොහොමඩ් නවාස් ලකුණු 41ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා. පන්දු යැවිමේදී මොහොමඩ් අමීර් කඩුලු 02ක් බිද හෙලුවා.

පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ කුල්නා කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 08ක් දැවි රැස් කර ගත හැකි වුයේ ලකුණු 149ක් පමණයි. ශම්සුර් රෙහ්මාන් ලකුණු 52යි. පන්දු යැවිමේදී මොහොමඩ් ඉර්ෆාන්,  ඇන්ඩ්‍රි රසල් සහ කම්රුල් ඉස්ලාම් කඩුලු 02ක බැගින් බිද හෙලුවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2020 15:40

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්