ඔස්ටේරිලියාවේ ලැව්ගිනි පැතිර ගිය ප්‍රදේශ රැසකට තද වැසි හටගෙන තිබෙනවා.
පවතින වර්ෂා තත්වය ලැව්ගිනි පාලනය කිරිම සදහා උපකාරි වන බවයි එරට ගිිනි නිවන භටයන් පවසන්නේ. ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට ගංවතුර තර්ජනයක් ද හටගෙන තිබෙනවා. මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
ප්‍රදේශ කිහිපයක විදුලියද විසන්ධි වී ඇතැයි එම වාර්තාවල සදහන්. සති අන්තයේදී වැසි තත්වය තවත් වැඩිවිය හැකි බවයි ඔස්ටේරිලියාවේ කාලගුණ විද්‍යා කාර්යාංශය සදහන් කළේ. වර්ෂාවත් සමග තද සුලං මෙන්ම විශාල හිමකැට වැටීමේ අවදානමක් ද මතුව තිබෙනවා.