ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවන් පනස් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින් පොලිසිය සිදුකළ වැටලීමකදී. අත්අඩංගුවට ගත් කාන්තාවන් අවුරුදු 17 ත් 40 ත් අතර වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සදහන් කළේ. වැටලීම්වලදී සම්භාහන මධ්‍යස්ථාන 32 ක්ද පරික්ෂාවට ලක්කලා. ඒ අතරින් සම්භාහන මධ්‍යස්ථාන 18 ක් නීතිවිරෝධීව පවත්වාගෙන ගොස් ඇති බවටයි හදුනාගෙන තිබෙන්නේ.
බස්නාහිර පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත වැටලීම් ක්‍රියාත්මක වුණා.