චීනයේ පැතිර යන හදුනා නොගත් වෛරසය රට තුළට ඇතුලුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
කටුනායක ගුවන් තොටුපොළේ ද විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මකයි. චීනයේ සංචාරය කරන ශ්‍රී‍්‍ර ලාංකිකයන් ද අවධානයෙන් කටයුතු කළයුතු බවයි වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ.
පසුගිය සතියේදී ඉන්දුනීසියාවේ සිට ශ්‍රී‍්‍ර ලංකාවට පැමිණි පුද්ගලයෙකුට එම වෛරසය ආසාදනයවී ඇති බවට වාර්තා පළවුණා. කෙසේවෙතත් ඔහුට ආසාදනයවී තිබුණේ ඉන්ෆ්ලුවෙන්සා තත්වයක් බවයි වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ.