fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාධ්‍ය මෙහෙවරට එහාගිය ස්වාධීන රූපවාහිනී තවත් මනුෂ්‍යත්වයේ සත්කාරයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2020 12:19

මාධ්‍ය මෙහෙවරට එහාගිය ස්වාධීන රූපවාහිනී තවත් මනුෂ්‍යත්වයේ සත්කාරයක්

ස්වාධීන රූපවාහිනී මනුෂ්‍යත්වයේ සත්කාර්යය යටතේ ආරම්භ කළ තවත් ව්‍යාපෘතියක් සාර්ථකව අවසන් කෙරුණා. ඒ කහටගස්දිගිලය ප්‍රදේශයේ අසරණ පවුලකට හිසට සෙවනක් ලබාදෙමින්.

කහටගස්දිගිලිය තුලාන කුකුලේගම ප්‍රදේශයේ පදිංචි අසරණ දරු පවුලක් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති අංශය නව නිවසක් ඉදිකිරීම ආරම්භ කළේ එම පිරිස පත්ව සිටි තත්ත්වය සැළකිල්ලට ගනිමින්. කඩා වැටීමට ආසන්නව තිබූ ඔවුන්ගේ නිවස වෙනුවට නව නිවස ඉදිකිරීම සදහා ප්‍රවෘත්ති අංශය සමග යුද හමුදාව අත්වැල් බැද ගත්තා. ස්වාධීන රූපවාහිනී ප්‍රේක්ෂකයන්ගේ ධන පරිත්‍යාගය ඇතිව නිවසේ ඉදිකිරීම් සිදුකළේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ 21 වන සේනාංකයේ 212 වන බලසේනාවට අයත් 7 වන ශ්‍රී ලංකා සන්නාහසන්නද්ධ බලඇණියේ රණවිරුවන්ගේ ශ්‍රමදායකත්වයෙන්.

එම නිවස අදාළ දරු පවුල වෙත පරිත්‍යාග කිරීම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ හා වන්නි ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. මීට සමගාමීව එම දරු පවුලගේ ජීවනෝපාය වෙනුවෙන් බ්ලොක්ගල් නිෂ්පාදන යන්ත්‍රයක් ලබාදීම ද කටයුතු කෙරුණා.

මාධ්‍ය මෙහෙවරෙන් ඔබ්බට යමින් ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශය සිදුකළ මෙම සද්කාර්යයන් රජරට ජනතාවගේ ඇගයීමට ලක්වුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2020 12:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්