ලෝකයේ මිටිම මිනිසා දිවියෙන් සමුගනී
Related Articles
ගිනස් ලෝක වාර්තාවලට අනුව ලොව මිටිම මිනිසා ලෙස නම් දරා සිටි කාගේන්ද්‍ර තාපා මගාර් මියගොස් තිබෙනවා.
නේපාලයේ කොකාරා හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කාගේන්ද්‍ර තාපා මගාර් මිය යන විට 27 වන වියෙහි පසුවුනා. නේපාලයේ බග්ලුන්ග් ප්‍රදේශයේ ජීවත්වන ඔහුගේ උස අඩි දෙකයි අගල් දෙකක් වන අතර බර රාත්තල් 13ක්. ඔහු ලොව මිටිම මිනිසා ලෙස ප්‍රකාශයට පත් කෙරුනේ 2010 වසරේදීයි.
ඒ කාගේන්ද්‍ර තාපා මගාර්ගේ 18වන උපන්දිනයෙන් පසුයි. දින කිහිපයක් තිස්සේ පැවති හුස්ම ගැනීමේ අපහසුතා හා හෘද රෝග හේතුවෙන් නිව්මෝනියාව වැළදීම මරණයට හේතුව බවයි පැවසෙන්නේ.