fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එංගලන්ත දකුණු අප්‍රිකා තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2020 10:57

එංගලන්ත දකුණු අප්‍රිකා තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද (18) යි. සිය පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටින දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ දිනයට තරගය නතර කරන විට කඩුලු 02ක් දැවි ලකුණු 60ක් ලබා සිටියා.

පෝර්ට් එලිසබෙත්හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. එංගලන්ත කන්ඩායම  පළමු ඉනිම සදහා කඩුලු 09ක් දැවි ලකුණු 499ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

බෙන්ස්ටොක්ස් සිය නව වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 120ක් ලබා ගත්තා. ඔලී පෝප් නොදැවී ලකුණු 135යි.  පන්දු යැවිමේදී කේෂව මහරාජ් කඩුලු 05ක් බිද හෙලුවා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2020 10:57

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්