fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන බාලදක්ෂ පදවිය ජනපති වෙත ප්‍රදානය කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2020 10:07

ශ්‍රී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන බාලදක්ෂ පදවිය ජනපති වෙත ප්‍රදානය කෙරේ

ශ්‍රී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන බාලදක්ෂ පදවිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිරිනැමීම සිදුවුණා.

ඒ සමඟ සංගමයේ ප‍්‍රධාන අනුශාසක ධුරය ද ජනාධිපතිතුමාට පිරිනැමූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. එම අවස්ථාවට බාලදක්ෂ ව්‍යාපාරයේ සභාපති චන්ද්‍රා වාකිෂ්ඨ, ප‍්‍රධාන කොමසාරිස් මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියා.

බාලදක්ෂ ව්‍යාපාරය සමඟ සහයෝගයෙන් කි‍්‍රයා කරන මෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් ලබාදෙන බවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එහිදී සඳහන් කළේ. රටට වැඩදායී නිර්මාණාත්මක පුරවැසි පරපුරක් බිහි කිරීමට බාලදක්ෂ ව්‍යාපාරයේ අරමුණු ඉවහල් වන බවද ජනාධිපතිතුමා පෙන්වාදුන්නා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2020 10:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්