fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාවට නැංවීමට අධ්‍යාපන කාර්ය සාධන බලකායක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2020 09:50

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාවට නැංවීමට අධ්‍යාපන කාර්ය සාධන බලකායක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාවට නැංවීමට නව අධ්‍යාපන කාර්ය සාධන බලකායක් පිහිටුවා තිබෙනවා.

ජනාධිපතිතුමාගේ උපදෙස් මත අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතායි මෙම බලකාය පත්කර තිබෙන්නේ.

දැනුමෙන් පිරිපුන් පුරවැසියන් සහිත සමාජයක් ගොඩනැගීම සදහා සියලු පාර්ශ්වයන්ගේ අදහස් යෝජනා ලබාගැනීම අධ්‍යාපන කාර්ය සාධන බලකායේ අරමුණයි. ඊට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා.

එම බලකායේ නිලධාරීන් වෙත පත්වීම ලබාදීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. ආචාර්ය එම් උපාලි සේදර මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක බලකායට සාමාජිකයින් 12 දෙනෙකු පත්කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 18, 2020 09:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්