යුක්රේන අග්‍රාමාත්‍ය ඔලෙක්සි හොන්චාරුක් සිය ධුරයෙන් ඉල්ලා අස්විම නිවේදනය කළා.
එරට ජනාධිපති වොඩිමියර් සෙලෙන්ස්කි විවේචනය කිරිමේ හඩපටයක් අන්තර් ජාලයේ පළවීමත් සමඟ. අග්‍රාමාත්‍යවරයා යුක්රේන ජනාධිපතිවරයාගේ ආර්ථික දැක්ම පිලිබද විවේචනාත්මක අදහස් පළකර තිබෙනවා. ඒ අනුව තමා ඉල්ලා අස්වන බවයි පණිවිඩයක් නිකුත් කරමින් යුක්රේන අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ. අයවැය සම්බන්ධයෙන් එරට වෙනත් අමාත්‍යවරුන් සහ මුදල් ආයතන ප්රධානිීන් සමග සාකච්ඡා කරන ආකාරය හඩපටයෙන් හෙළිදරව් වී ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම පිළිගන්නේද යන්න සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපතිවරයා මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නැහැ. යුක්රේන ජනාධිපති වොඩිමියර් සෙලෙන්ස්කි ජනාධිපති ධුරයට ප්වීමට පෙර විකට නලුවෙකු සහ රූපවාහිනි නිෂ්පාදකවරයෙකු ලෙස සේවය කර තිබෙනවා.