ගුවන් හමුදා කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත්කිරීමේ උත්සවයක් ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යා පීඨයේ දී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
සුරකිමු ලකඹර යන්න තේමා කරගත් ගුවන් හමුදාවේ අභිමානවත් කාර්යයට උරදීම සදහා කෙඩෙට් නිලධාරීන් රැසක් මෙහිදී විසිර ගියා. කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීම සහ පියාසර කෙඩෙට් නිලධාරී පාඨමාලාව හැදෑරූ ගුවන් නියමුවන්ට පියාසර ලාංඡන පැළැදවීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
ගුවන් කරනම් සන්දර්ශනයක් සහ විචිත්‍රවත් සරඹ සන්දර්ශනයකින් උත්සවය වර්ණවත් කෙරුණා. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.