fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එජාප අර්බුදයට අවසන් විසඳුම ලබන සිකුරාදා

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2020 12:20

එජාප අර්බුදයට අවසන් විසඳුම ලබන සිකුරාදා

නායකයා තෝරා ගන්නා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අසාර්ථක වූ බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඊට එක්ව සිටියා. පසුගියදා පැවති එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගත් තීරණයකට අනුවයි අවසන් තීරණය ගැනීම සඳහායි මෙම රැස්වීම පැවැත්වුණේ. නායකත්ව මණ්ඩලයක් මෙන්ම කරූ ජයසූරිය මහතාට නායක්තවය ලබාදීම පිළිබඳ යොජනා තුළින් මෙම රැස්වීම උණුසුම් වූ බවයි වාර්තා වන්නේ. ඇතැම් මන්ත්‍රීවරුන් රැස්වීමෙන් ඉවත්ව පිටවන ආකාරයක් වරින්වර දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2020 12:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්