රුසියා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බව ජනාධිපති ව්ලැඩ්මියර් පුටිං ප්‍රකාශ කළා.
ඒ සිය වාර්ෂික රාජ්‍ය දේශනය සිදුකරමින්. නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වලට සහය පළකරමින් එරට අග්‍රාමාත්‍ය දිමිත්‍රි මෙත්වෙදෙව් ප්රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වුණා. ඉන් අනතුරුවයි ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කර තිබෙන්නේ.
රුසියානු භාරකාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙසට එරට බදු සේවා ප්‍රධානී මිහායිල් මිෂුස්ටින් නම්කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.