කොරෝනා වෛරස ගණයට අයත් අභිරහස් වෛරසය වැළඳුණු පුද්ගලයෙකු ජපානයෙන් පළමු වරට හමුවුණා. තිස් හැවිරිදි මෙම පුද්ගලයා වෛරසය පැතිර යන චීනයේ බූහාන් නගරයේ සිට පසුගියදා ජපානයට පැමිණ ඇති බවටයි හෙළිවී තිබෙන්නේ.
මෙම අභිරහස් වෛරසය වැළඳුණු 41 දෙනෙකු චීනයෙන් වාර්තාවී තිබෙනවා. ඉන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි චීන වාර්තා සඳහන් කළේ. වෛරසය ලොවපුරා පැතිර යාමේ අවදානමක් ද මතුව තිබෙනවා. ඒ හේතුවෙන් විශේෂ අවධානයකින් පසුවන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ද අනතුරු ඇඟවීමක් නිකුත් කළා. අභිරහස් වෛරසය පාලනය කිරීමට මෙතෙක් ඖෂධයක් සොයාගෙන නොමැති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන්නේ.