fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය ඇමති ඩලස්ගේ ප්‍රධානත්වයෙන්

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2020 18:37

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය ඇමති ඩලස්ගේ ප්‍රධානත්වයෙන්

දිවයින පුරා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම අද සිදු කෙරුණා. ජාතික උත්සවය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ මාතලේ නුගගොල්ල ධර්ම ප්‍රදීප ප්‍රාථමික විද්‍යාලයේදීයි.

2020 වසර සදහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමේ ජාතික උත්සවය පැවැත්වුණේ හැදෙන හෙට රටට – එකම අපි අකුරට යන තේමාවෙන්. අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වුණා. දරුවන් ඇතුළත් කිරීම සංකේතවත් කරමින් නුගගොල්ල ධර්මප්‍රදීප ප්‍රාථමික විද්‍යාලය සදහා දරුවන්  දෙදෙනෙකු ඇතුලත් කිරීම අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. එම දරුවන් සදහා පොත් ඇතුළු පාසල් උපකරන ද පිරිනැමුණා..

හැදෙන රටට  – වැඩෙන ගසක් රැක් රෝපණ වැඩසටහනට සමගාමීව විද්‍යාලයීය භූමියේ නා පැලයක් සිටුවීමටද අමාත්‍යවරයා එක්වුණා. පළමු ශ්‍රේණියට ඇතුළත් කළ දරුවන් සදහා පැල බෙදාදීමද සිදු කෙරුණා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත ධර්ම ප්‍රදීප විද්‍යාලයේ විදුහල්පති එම්.ජී.ආර්. පොඩි බණ්ඩා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2020 18:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්