fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියා අගමැති එරට පාර්ලිමේන්තුවේ සමාලෝචනයට ලක් වීමට  නියමිතයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2020 18:19

රුසියා අගමැති එරට පාර්ලිමේන්තුවේ සමාලෝචනයට ලක් වීමට  නියමිතයි

රුසියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර ඇති මිකායිල් මිෂුස්ටින් එරට  පාර්ලිමේන්තුවේ සමාලෝචනයට ලක් වීමට  නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මිකායිල් මිෂුස්ටින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කිරීමට රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටීන් කටයුතු කළා. ඔහු ජනප්‍රිය දේශපාලනඥයකු නොවන නමුත් නිලධාරියකු ලෙස එරට බදුක්‍රමය සාර්ථක ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට සමත් වූ අයෙක්. නව අග්‍රාමාත්‍යවරයා පිලිබඳ යෝජනාව රුසියා පාර්ලිමේන්තුව හෙවත් ඩූමාවේදී ගැටළුවකින් තොරව අනුමත වනු ඇති බවයි විශ්ලේශකයන්ගේ අදහස වන්නේ. ආණ්ඩුව හදිසියේ විසුරුවා හැරීමත් සමග රුසියානු දේශපාලන ක්‍රමයේ බරපතල වෙනස්කම් රැසක් සිදු කිරීමට ජනාධිපති පුටීන් සැලසුම් කර තිබෙනවා.

මේ අනුව ව්‍යවස්ථාවේ වෙනස්කම්ද සිදුකිරීමට නියමිත අතර ජනාධිපතිවරයාට බලයේ රැදීමට හැකි කාල සීමාව දීර්ඝ කෙරෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. ව්ලැඩ්මීර් පුටීන් මේ වන විට සිව්වරක් ජනාධිපතිධුරය හොබවා තිබෙනවා. 1993 වසරේදී රුසියා ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් පසු පළමුවරටයි මෙවැනි පුළුල් වෙනසක් සිදු කෙරෙන්නේ.ශක්තිමත් ජනාධිපති ක්‍රමයක් පවත්වාගෙන යන අතරතුරදී පාර්ලිමේන්තුවේ බලතලද වර්ධනය කිරීමට මෙහිදී අපේක්ෂා කෙරෙනවා. පුටීන් මේ වන විට 67 වන හැවිරිදි වියෙහි පසුවන අතර 1999 වසරේ සිට රුසියාව පාලනය කරනවා. හිටපු අග්‍රාමාත්‍ය දිමිත්‍රි මෙත්විදේව් සම්බන්ධයෙන් ජනතාව තුළ අප්‍රසාදයක් ඇතිවීම හේතුවෙන් තාක්ෂණිකවාදී නව අග්‍රාමාත්‍යවරයා පත්  කර තිබෙනවා. කෙසේ වෙතත් මෙත්විදෙව්හටද ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ තනතුරක් හිමිවනු ඇති. අග්‍රමාත්‍ය ධුරයට පත්වීමට නියමිත මිෂුස්තින් 53 වියෙහි පසුවන ඉංජිනේරුවකු වන අතර ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක්ද හිමිකරගත් අයෙක්.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2020 18:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo