fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාෆිගේ පරීක්ෂණවල අතපසුවීම් ගැන CIDය සමාව ඉල්ලයි (VIDEO)

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2020 18:05

සාෆිගේ පරීක්ෂණවල අතපසුවීම් ගැන CIDය සමාව ඉල්ලයි (VIDEO)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි සහබ්දීන්ට එරෙහි පරීක්ෂණවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් සිදුවූ අතපසුවීම් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව කණගාටුව ප්‍රකාශ කළා.

මවුවරුන් වන්ද්‍ය කරණයට ලක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ අද පැවති නඩු විභාගයේ දීයි මේ බව ප්‍රකාශ කෙරුණේ. පරීක්ෂණ සඳහා පත්කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව කණ්ඩායම ඔවුන්ගේ විමර්ශන සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා.  අයථා මුදල් ඉපයිම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ මව්වරුන් වදභාවයට පත් කිරීමට යන චෝදනා වෛද්‍ය සාෆිට එල්ලවී තිබෙනවා.

මීට පෙර පරීක්ෂණ සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී තිසේරාගේ වංචාවක් සම්බන්ධයෙන් අද පැවති නඩු විභාගයේ දී හෙළි වුණා. සාෆිගේ නිවසේ සවිකර තිබූ CCTV දර්ශන පොලීසිය භාරගැනීමෙන් පසු තිසේරා නමැත්තා ඒවා තනිවම පරීක්ෂාකර යළි සැකකාර වෛද්‍ය සාෆිටම භාරදී තිබෙනවා. අද දිනයේ මෙම කරුණු හෙළිවූ අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් සමාව ඉල්ලා සිටියා. පරීක්ෂණ යළි මුලසිට සිදුකරන බවයි රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ. බී වාර්තාවක් මගින් කරුණු ඉදිරිපත්කර තිසේරා යන අය අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු 76 දෙනෙකුගෙන් ප්‍රකාශ ඇතුළත් වැඩිදුර වාර්තාවක්ද රහස් පොලීසිය අධිකරණයට ලබා දුන්නා. මෙම වෛද්‍යවරයා දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කරන කාලයේ ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් විමර්ෂන සිදු කරන බවයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. එමෙන්ම ඉදිරි විමර්ශන සිදු කර කරුණු වාර්තා කිරීමට මාස දෙකක කාලයක් ලබා දෙන ලෙසට ද එම නිලධාරීන් ඉල්ලීමක් කළා. ඒ අනුව නඩුව  මාර්තු 17 වනදා යලි කැදවීමටයි නියෝග කෙරුණේ. නඩුව අද කැදවූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ ඇතුළු පිරිසක්  ද පැමිණ සිටියා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2020 18:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo