fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හඬපට වලින් හෙළිවූ විනිසුවරුන්ගෙන් ප්‍රකාශ ගන්නැයි නීතිපති නියෝග කරයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2020 17:57

හඬපට වලින් හෙළිවූ විනිසුවරුන්ගෙන් ප්‍රකාශ ගන්නැයි නීතිපති නියෝග කරයි

රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකතන හඬපට වලින් හෙළිවූ විනිසුරුවරුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට අගවිනිසුරුවරයා උපදෙස් දී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග දුරකතන සංවාදවල නිරත වූ අධිකරණ විනිසුරුවරුන්ගෙන් මෙසේ ප්‍රකාශ ලබාගන්නා ලෙසටයි නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට උපදෙස් දී ඇත්තේ. සිද්ධියට අදාළ හඩපට ඇතිබව කියන මහාධිකරණ විනිසුරුවරුන්වන ගිහාන් පිලපිටිය, පත්මිණි රණවක, මහේස්ත්‍රාත් ධම්මික හේමපාල යන මහත්ම මහත්මීන්ගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙසට උපදෙස් දී ඇති බවයි අධිකරණ වාර්තා සඳහන් කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2020 17:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo