fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිවයිනට පැමිණි චීන නියෝජිතයින් පිරිස ව්‍යාපෘතිවල ප්‍රගතිය ගැන අමාත්‍ය පවිත්‍රා දැනුවත් කරයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2020 17:42

දිවයිනට පැමිණි චීන නියෝජිතයින් පිරිස ව්‍යාපෘතිවල ප්‍රගතිය ගැන අමාත්‍ය පවිත්‍රා දැනුවත් කරයි

චීන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට දිවයිනට පැමිණ සිටින  චීන නියෝජිතයින් පිරිස කටයුතු කළා. ඔවුන් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද හමුවුණා.

දිවයිනට පැමිණ සිටින චීන නියෝජිත පිරිස එරට ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පසුගිය 10 වනදා සිට 14වනදා දක්වා කාලය තුළ සොයා බැලුවා. ඉන් අනතුරුව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හමුවූ මෙම පිරිස තමන් නිරීක්ෂණය කළ ව්‍යාපෘතිවල ප්‍රගතිය අමාත්‍යවරියට දැනුම් දුන්නා. චීන ආධාර ව්‍යාපෘතිය යටතේ රාගම ශික්ෂණ රෝහල සදහා වෛද්‍ය උපකරණ මෙන්ම වෛද්‍ය ශිෂ්‍යයින් සදහා අවශ්‍ය උපකරණ මීට පෙර ලබා දී තිබුණා. එම් ආර් අයි ස්කෑනර් යන්ත්‍රයක් ද ඊට ඇතුළත්.  ජාතික රෝහලේ බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල පොළොන්නරුව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්තවේද විශේෂිත රෝහල් ගොඩනැගිල්ල මේ වන විට ඉදි කෙරෙමින් පවතිනවා. එම ඉදිකිරීම් මෙම වසරේ ජුලි මාසය  වන විට අවසන් කරන බවයි චීන නියෝජිත පිරිස මෙහිදී කියා සිටියේ. වකුගඩු රෝග ප්‍රතිකාර සේවාවන් සදහා ජංගම ගිලන්රථ අටක් ලබා දීමට ද චීන රජය කටයුතු යොදා තිබෙනවා. චීන ජාත්‍යන්තර සංවර්ධන සංවිධාන කාර්යාංශයේ උප සභාපති ෂෙයෑන්ග් මව්යු මහතා ඇතුළු පිරිසක් මෙම නියෝජිත පිරිසට ඇතුළත්ව සිටිනවා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2020 17:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo