පිළියන්දල ප්‍රදේශයේ නව සත්වෝද්‍යානයක් ඉදිකිරීම සඳහා සැලසුම් සකස් කර තිබෙනවා. අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන සහ රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ යන මහත්වරුන් එම යෝජිත භූමිය පරීක්ෂා කළා.
පිළියන්දල කහපොළ රෙජිනෝල්ඩ්වත්ත ප්‍රදේශයේ අක්කර 81 ක භූමියක් නව සත්වෝද්‍යානය ඉදිකිරීම සඳහා තෝරාගෙන තිබෙනවා. එම භූමිය වෙත ගිය ගාමිණී ලොකුගේ සහ එස් එම් චන්ද්‍රසේන යන අමාත්‍යවරුන් ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලුවා. මේ පිළිබඳ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි එහිදී අමාත්‍යවරුන් ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=NHMXqgbaK1U&feature=youtu.be&fbclid=IwAR3pHwy8HBZ6vJ79nIuUunKJ5ZAJUOGu9spucCEfZpTaw-r1PkkkFAuh4sY”]