fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ට්‍රාන්සිපේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය කතානායකගෙන් ඉල්ලීමක් කරයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2020 17:31

ට්‍රාන්සිපේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය කතානායකගෙන් ඉල්ලීමක් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගනන වාර්තාව ජනතාවට සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙත ඉදිරිපත් කරන ලෙස ට්‍රාන්සිපේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

මෙම වාර්තාව කෝප් කමිටුවේ සභාගත කිරීමට සහ පාර්ලිමේන්තු සැසියක් තුළදී විවාදයට බදුන් කිරීමට මින් පෙර සැලසුම් කර තිබුණා. එහෙත් නීතිපතිවරයා විසින් මෙම වාර්තාව මන්ත්‍රිවරුන් අතර විවෘතව ප්‍රකාශයට පත් කිරීම වළක්වන ලෙසට කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂල් ආයතනයේ අවධානය යොමු වී තිබෙනවා. මහජන මුදල් සම්බන්ධයෙන් ව්‍යවස්ථාපිතව පවතින වගකීම අනුව පාර්ලිමේන්තුවට සහ ජනතාවට මෙම වෝහාරික වාර්තාව හෙළිදරව් කරන ලෙසයි  ට්‍රාන්සිපේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය කතානායකවරයාගෙන් ඉල්ලා සිටින්නේ. මහජන මුදල් අයථා අකාරයෙන් භාවිත කිරීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගැනීම සදහා මෙම වාර්තාව ඉතා වැදගත් වන බව ට්‍රාන්සිපේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ අශෝක ඔබේසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2020 17:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්