fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සියලු දෙනාට සාධාරණය ඉටු කළ හැකි රාජ්‍ය පාලනයක් අද බිහිවී තිබෙනවා

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2020 16:01

සියලු දෙනාට සාධාරණය ඉටු කළ හැකි රාජ්‍ය පාලනයක් අද බිහිවී තිබෙනවා

සියලු දෙනාට සාධාරණය ඉටු කළ හැකි රාජ්‍ය පාලනයක් අද බිහි වී ඇති බව වයඹ පළාත් ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල් මහතා පවසනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට සැලසුම් කර ඇති පරිවර්තනයත් සමඟ බොහෝ ක්ෂේත්‍රවල වෙනසක් අපේක්ෂා කළ හැකි බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ පැවති වයඹ පළාත් ගුරු උපහාර උත්සවයට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. විදුහල්පති ගුරු ප්‍රණාම ප්‍රතිභා ප්‍රණාම ලෙස නම් කර තිබූ උළෙලේදී කුරුණෑගල අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් 1600 කට වැඩි පිරිසකට සම්මාන පිරිනැමුණා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2020 16:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo