ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ට එරෙහිව ඉදිරිපත්වි ඇති දෝෂාභියෝගය එරට සෙනෙට් මන්ඩලය හමුවට ඉදිරිපත් කිරිම අද (16) සිදුවනවා. ඒ අනුව සෙනෙට් සභිකයන්ගේ කැමැත්ත මත ට්රම්ප් තවදුරටත් ජනාධිපතිධුරයේ රැඳෙන්නේ ද යන්න පිළිබදව තීරණය වන බවයි විදෙස් ප්රවෘත්ති වාර්තා සදහන් කළේ.
කොංග්රස් මන්ඩලයේ කථානායක සහ ප්රබල ඩිමොක්රටික් පාක්ෂිකාවක් වන නැන්සි පොලෝසි මෙම දෝෂාභියෝගය ඉදිරිපත් කළා. ඒ ට්රම්ප් ජනාධිපතිවරයා සිය බලතල අනිසි ලෙස භාවිත කළ බවට චෝදනා කරමින්.
මීට පෙර නියෝජිත මන්ති්ර මන්ඩලය හමුවේ දෝෂාභියෝගය සලකා බැලු අවසථාවේදි ඩොනල්ඩ් ට්රම්ප් වැඩි ඡන්දයෙන් පරාජයට පත්වුණා.