fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියා අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2020 09:31

රුසියා අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වෙයි

රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවෙන් අනතුරුව එරට අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වුණා.

රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් ජාතිය අමතා ඊයේ සිදුකළ කතාවේදී සඳහන් කළේ ජනාධිපතිවරයා සතු ඇතැම් බලතල අග්‍රාමාත්‍යවරයාට හා පාර්ලිමේන්තුවට හිමිවන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ යුතු බවයි. එම යෝජනාවත් සමඟ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ වත්මන් රජය ඉල්ලා අස්වන බව නිවේදනය කළා. ව්‍යවස්ථා සංශෝධනයට ඉඩ සලසමින් මෙම පියවර ගන්නා බවයි අග්‍රාමාත්‍ය දිමිත්‍රි මෙද්වෙදෙව් සඳහන් කළේ. ජනාධිපති ව්ලැඩිමිර් පුටින්ගේ ධූර කාලය 2024 වර්ෂයේදී අවසන් වීමට නියමිතයි. එහෙත් ඔහුට තවදුරටත් බලයේ සිටීමට හැකිවන ලෙස මෙම නව ව්‍යවස්ථා සංශෝධනය සිදුකරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර නව අග්‍රාමාත්‍යවරයා ලෙස රුසියා ෆෙඩරල් බදු සේවයේ ප්‍රධානී මිහායිල් මිෂුස්තින්ගේ නම යෝජනා වී තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2020 09:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo