නායකත්වයේ අවසන් තීරණය ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය හෙට රැස්වෙනවා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී. එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිබඳ විවිධ පරස්පර මත, අදහස් හා යෝජනා පසුගිය දින ගණනාව පුරා මාධ්‍ය තුළ දක්නට ලැබුණා. එවන් තත්ත්වයක් තුළයි එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙට රැස්වන්නේ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි එම රැස්වීම පැවැත්වෙන්නේ. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ඊට එක්වීමට නියමිතයි. නායකත්ව මණ්ඩලයක් පත් කිරීම පිළිබඳව ද පක්ෂය තුළ මත පළව තිබෙනවා.
එහෙත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ඉල්ලා සිටින මන්ත්‍රීවරුන්ගෙන් නායකත්ව මණ්ඩලයට එල්ල වන්නේ දැඩි විරෝධයක්.
හෙට පැවැත්වෙන රැස්වීමේදී සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය නොලැබුණහොත් අවසන් තීරණයක් ගන්නා බවට ද ඇතැම් මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. නායකත්ව අර්බුදය පිළිබඳ තවත් මන්ත්‍රීවරුන් ස්ථාන කිහිපයකදී පළ කළේ මෙවන් පරස්පර අදහස්.
[ot-video type=”youtube” url=”https://youtu.be/gtdvshfdiGY”]