fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රට ගොඩනැගීමට ජනපතිට සහය දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර කියයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 17:24

රට ගොඩනැගීමට ජනපතිට සහය දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර කියයි

රට ස්ථාවර  කරන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන ඒම ඇතුළු රට ගොඩනැගීම සදහා ඉදිරි මහමැතිවරණයේදී ජනාධිපතිතුමාට සහාය වීම ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාමාර්ගය බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී  පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළා.

ඉදිරි මහමැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහාය ලබාදීමට ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභාව හෙට පස්වරුවේ එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.මේ අතර එස්.බී දිසානායක, ඩිලාන් පෙරේරා, විජිත් විජයමුණි සොයිසා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන් සම්බන්ධව ක්‍රියාත්මක කෙරෙන විනය කමිටුව ලබන 18 වෙනිදා නැවත රැස්වන බවද මෙම මාධ්‍ය හමුවෙදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 17:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්