fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අමාත්‍ය මණ්ඩල තීරණ (14-01-2020)

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 17:30

අමාත්‍ය මණ්ඩල තීරණ  (14-01-2020)

පසුගිය කාලයේ මහත් සේ අසරණ වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගාසිටුවීමට ණය සහන පැකේජයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.

ජාතියට එල්ල වන අනතුරුවලින් ආරක්‍ෂා කිරීම සඳහා බුද්ධි අංශ ශක්තිමත් කිරීමේ ජාතික බුද්ධි පනත කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. යහපාලන කාලයේදී බුද්ධි අංශ දුර්වල කිරීම හේතුවෙන් රටට දැවැන්ත විනාශයක් සිදු වූ බවයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියාසිටින්නේ.

උසස් අධ්‍යාපනය සඳහා අසර්බයිජානයට ගොස් සිටියදී ඇති වූ ගින්නකින් මිය ගිය මෙරට ශිෂ්‍යාවන්ගේ දේහයන් මව්බිමට රැගෙන ඒම සඳහා රුපියල් මිලියන 1යි දශම 5 ක මුදලක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. උසස් අධ්‍යාපනය සඳහා මෙරට දරුවන් විදේශ ගත වීම වැළැක්වීමට පියවර රැසක් වත්මන් රජය ගෙන තිබෙනවා.

පසුගිය කාලයේ නොගෙවූ මහපොළ හිඟ මුදල් ලබා දීමට ඊයේ පියවර ගත්තා. මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ සාමාජිකයන් පත් කිරීමට අදාළ පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවුණා.

ලබන මාර්තු 1 වනදා සිට වැවිලි ක්ෂේත්‍රයේ නිරත කම්කරුවන්ගේ දිනක අවම වැටුප රුපියල් 730 සිට රුපියල් දහස දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියාසිටියේ.

කැබිනට් තීරණ සියල්ල පහතින්….

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 17:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo