fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දියේ ගිලී ජීවිතක්ෂයට පත් එකම පවුලේ තිදෙනාගේ සිරුරු ඥාතීන්ට

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 17:14

දියේ ගිලී ජීවිතක්ෂයට පත් එකම පවුලේ තිදෙනාගේ සිරුරු ඥාතීන්ට

වනාතවිල්ලුව රාල්මඩුව ජලාශයේ දිය නෑමට ගොස් දිගේ ගිලී ජීවිතක්ෂයට පත් වූ එකම පවුලේ මව දියණිය සහ පුතුගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණවලින් අනතුරුව පවුලේ ඥාතීන්වෙත භාර කෙරුණා.

වනාතවිල්ලුව රාල්මඩුව ජලාශයට දියනෑමටගොස් සිටි මෙම පිරිසෙන් 19 හැවිරිදි දියණිය  එකවරම දියේ ගිලී තිබෙනවා. ඇය බේරාගැනීමට 17 හැවිරිදි සොයුරා උත්සාහ දැරුවද ඔහුද දියේගිලීම නිසා දරු දෙදෙනා බේරාගැනීමට 35 හැවිරිදි මව උත්සාහ දැරුවා. එහිදී තිදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසීය පවස්නේ. ප්‍රදේශවාසීන්  මහත් පරිශ්‍රමයක් දරා මෙම තිදෙනා ගොඩලෙන ඇතත්  ඒවන විටත් ඔවුන් මියගොස් ඇති බවයි මූලික පරික්ෂණවලදී හෙලිවී ඇත්තේ. පශ්චාත් මරණ පරික්ෂණවලින් අනතුරුව සිරුරු පවුලේ ඥාතීන්වෙත භාරදීමට කටයුතු කෙරුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 17:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්