fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශපාලන පළි ගැනීම්වලට ලක්වූවන්ට සාධාරණය ඉටුකරන බව අගමැති පවසයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 14:55

දේශපාලන පළි ගැනීම්වලට ලක්වූවන්ට සාධාරණය ඉටුකරන බව අගමැති පවසයි

දේශපාලන පළි ගැනීම්වලට ලක්වූවන්ට සාධාරණය ඉටුකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති එකමුතුව සමග අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සදහන් කළා. රාජ්‍ය සේවයේ යෙදී සිටියදී කිසියම් වරදක් හේතුවෙන් සේවය අත්හිටුවීම වැනි සිදුවීම් දේශපාලන පළිගැනීම් ලෙස නොසලකන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක සමයේ පිහිටවූ ඔම්බුඩ්ස්මන් කාර්යාලයට හා අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටවූ දේශපාලන පැමිණිලි සම්බන්ධයෙන් සොයා බැලීමේ කමිටුවට ලැබී ඇති පැමිණිලි ද මෙහිදී සළකා බැලෙනවා.

මැතිඇමතිවරුන් වෘත්තීය සමිති නායකයින් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 14:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්