fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකා ඉරාන අර්බුදය ගැන යුරෝපා පාර්ලිමේන්තුවේ පැය දෙකක විවාදයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 12:10

ඇමරිකා ඉරාන අර්බුදය ගැන යුරෝපා පාර්ලිමේන්තුවේ පැය දෙකක විවාදයක්

ඇමරිකා – ඉරාන අර්බුදය ගැන යුරෝපා පාර්ලිමේන්තුවේ පැය දෙකක විවාදයක් පැවැත්වුණා.

දෙපාර්ශවයටම හිතවාදි මතවාද එහිදි පළවි තිබෙනවා. ත‍්‍රස්තවාදි කි‍්‍රයාකාරකම් පාලනය කළ යුතු බවයි ඇතැම් යුරෝපා මන්ති‍්‍රවරුන් සදහන් කළේ. කෙසේ වෙතත් ඇමරිකාවේ කි‍්‍රයාමාර්ග වලට ද විවේචන එල්ල වුණා. ලෝක බලවතුන්ගේ නායකත්වයෙන් 2015 වසරේ දි ඉරාන න්‍යෂ්ඨික වැඩසටහන් සම්බන්ධයෙන් ගිවිසුමක් ඇතිකර ගත්තා. එහෙත් ඉන් ඒකපාර්ශ්වික ලෙස ඉවත් විමටයි ඇමරිකාව තීරණය කලේ. ඒ අනුව ගිවසුම බලගැන්විම සදහා ඇමරිකාවට බලපැම් කළයුතු බවත් එහිදි මත පළව තිබෙනවා.

මේ අතර යුක්රේන ගුවන් යානයට එල්ලවූ ඉරාන මිසයිල ප‍්‍රහාරය සම්බන්ධ නව වීඩියෝවක් නිකුත්වි තිබෙනවා. එම ප‍්‍රහාරය පිළිබදව පුලුල් විමර්ශනයක් කි‍්‍රයාත්මක කරන බවයි ඉරාන බලධාරින් සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 12:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්