ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසනවා. අන්තර්ජාතිකව ක්‍රීඩාව තුළින් අපේ රටට කීර්තියක් අත්කර ගැනීම අරමුණ බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.
13 වන දකුණු ආසියා ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් ඇගයීමේ උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවා. මෙරට ක්‍රීඩා ඉතිහාසයේ ජාත්‍යන්තර තරගයකදී වැඩිම පදක්කම් සංඛ්‍යාවක් ලබා ගත්තේ නේපාලයේ පැවති සාර්ක් ක්‍රීඩා උළෙලේදී. මාතෘභූමියට අභිමානයක් සහ ගෞරවයක් ගෙන දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ පුහුණුකරුවන්ට සහතිකපත් ප්රදානය අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/DwAIcdgKDSA”]
අමාත්‍ය ඩලස් අගහප්පෙරුම මහතා ඇතුළු මැති ඇමතිවරුන් ප්රමුඛ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.