fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

60 දෙනෙකු රෝහලට යැවූ කැලිෆෝනියා ගුවන් අනතුර

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 12:02

60 දෙනෙකු රෝහලට යැවූ කැලිෆෝනියා ගුවන් අනතුර

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි හදිසියේ මගී ප්‍රවාහන ගුවන් යානයක් ගොඩබැස්සවීමට යාමෙන් පුද්ගලයින් හැට දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත මගී ප්‍රවාහන ගුවන් යානය ගොඩබැස්සවීමට යාමේදී ඉන්ධන කාන්දුවීමෙන් පාසල් දරුවන් විසිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ගුරුවරුන් සහ වැඩිහිටියන් එකොළොස් දෙනෙකු සුළු තුවාල ලබා රෝහල්ගතකර ඇති බව සඳහන්. යානයෙන් නිකුත් වූ ඉන්ධන සහ දුමාරය හේතුවෙන් අවට සිටි පුද්ගලයන් රැසක් ශ්වසන අපහසුතා සහ ආසාද්මිකතාවන්ට ලක්ව ඇති බව සඳහන්. චීනයේ ෂැන්හයි දක්වා ගමන් කිරීම ආරම්භ කළ බෝයිං 777 දෙසීය වර්ගයට අයත් ගුවන් යානයයි මෙසේ  හදිසියේ ගොඩබැස්සවීමට කටයුතු කර ඇත්තේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 12:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo