fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගිනි අවි කම්හලක් වටලා අවි ආයුධ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 11:52

ගිනි අවි කම්හලක් වටලා අවි ආයුධ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

නීති විරෝධීව පවත්වාගෙන ගිය  ගිනි අවි කම්හලක් වටලා අවි ආයුධ සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අගුනකොලපැලැස්ස, උස්වැව ප්‍රදේශයේයි මෙම ගිනිඅවි කම්හල පවත්වාගෙන ගොස් ඇත්තේ. එහිදී අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අදාළ ගිනි අවි කම්හලේ සහායකවරයායි. බෙහෙත් කොටන වර්ගයේ තුවක්කුවක්,  බදින තුවක්කු දෙකක්,  බෝර දහසයේ පතරොම් යොදන ගල්කටස් වර්ගයේ ගිනි අවියක් එම වර්ගයේ ජීව පතරොමක්,  උණ්ඩ සකස් කිරීමට යොදාගන්නා ඊයම් කිලෝග්‍රෑම් දෙකක් ඇතුළු උපකරණ රැසක් මෙහි තිබී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහි නිෂ්පාදසනය කරන අවි ආයුධ රුපියල් දහසත් දසදහසත් අතර මිලකට අලෙවිකර ඇති බවයි පොලීසිය පවසන්නේ. අවි මිලදී ගත් පුද්ගලයින් සහ අවි කම්හලේ හිමිකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මෙහෙයුම් සිදුකරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 11:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්