fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අසර්බයිජානයේ දි මියගිය ශ්‍රී‍්‍ර ලාංකික සිසුවියන් තිදෙනාගේ දේහයන් දිවයිනට

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 10:39

අසර්බයිජානයේ දි මියගිය ශ්‍රී‍්‍ර ලාංකික සිසුවියන් තිදෙනාගේ දේහයන් දිවයිනට

අසර්බයිජානයේ දි මියගිය ශ්‍රී‍්‍ර ලාංකික සිසුවියන් තුන් දෙනාගේ දේහයන් දිවයිනට රැගෙන විත් තිබෙනවා.

උදෑසන 9.15 ට පමණ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයට අයත් යානයකින් එම සිරුරු කටුනායක ගුවන් තොටුපලට රැගෙන ආ බවයි අප වාර්තාකරු සදහන් කළේ. මළසිරුරු භාර ගැනිමට මියගිය සිසුවියන් තුන් දෙනාගේ දෙමව්පියන් ඇතුළු පිරිසක් ගුවන් තොටුපලට පැමිණ සිටියා.

අසර්බයිජාන් රාජ්‍යයේ මහල් නිවාසයක හටගත් ගින්නෙන් මෙම සිසුවියන් තුන්දෙනා ජීවිතක්ෂයටපත්වු බවයි එරට රජය විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දුන්නේ. මියගිය ශිෂ්‍යාවන් තුන් දෙනාගෙන් දෙදෙනෙකු අවුරුදු 21 සහ 23 වයස්වල පසුවන පිළියන්දල ප‍්‍රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක්. අනෙක් සිසුවිය 25 හැවිරිදි කැලණිය ප‍්‍රදේශයේ පදිංචි තරුණියක්. ඔවුන් තුන්දෙනාම අසර්බයිජානයට පිටත්ව ගොස් ඇත්තේ පසුගිය වසරේ ජුලි මස 13 වනදා. ඒ බටහිර කැස්පියන් විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ සහ විලාසිතා නිර්මාණකරණ පාඨමාලාවක් හැදැරිම වෙනුවෙන්.

මේ අතර හදිසි අවස්ථාවක් ලෙස සලකා සිසුවියන් තුන් දෙනාගේ දේහයන් මෙරටට ගෙන්වා ගැනිම සදහා වැයවූ රුපියල් මිලියන එකහමාරක පමණ මුදල රජය විසින් දැරීමට තීරණය කර තිබෙනවා. ඒ සදහා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මන්ඩල අනුමැතිය ද හිමිවුණා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 10:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්