fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්පාඤ්ඤයේ රසායනික කම්හලක පිපිරීමකින් එක් අයෙකු මියයයි – අට දෙනෙකුට තුවාල

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 10:36

ස්පාඤ්ඤයේ රසායනික කම්හලක පිපිරීමකින් එක් අයෙකු මියයයි – අට දෙනෙකුට තුවාල

ස්පාඤ්ඤයේ රසායනික කම්හලක සිදු වූ පිපිරීමකින් එක් අයෙකු මියගොස් තවත් අට දෙනෙකු තුවාල ලැබුවා.

ස්පාඤ්ඤයේ දකුණු ටාරාගෝනා ප්‍රදේශයේ කම්හලකයි මෙම පිපිරීම සිදු වුණේ. පිපිරීමත් සමඟ කර්මාන්ත ශාලාව ගිනි ගැනීමකට ලක් වුණා. එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. රසායනික කම්හල අවට සිටින ජනතාවට නිවෙස්වලට වී සිටින ලෙසටද අනතුරු අඟවා තිබෙනවා. ඒ ආසන්නයේ සිටි තවත් නිවැසියන් පිරිසක් ඉවත් කිරීමටද බලධාරින් පියවර ගත්තා. ගිනි නිවීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 10:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo