fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුක්රේන මගී ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ලකරන දර්ශන රූගත කළ පුද්ගලයා අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 10:01

යුක්රේන මගී ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ලකරන දර්ශන රූගත කළ පුද්ගලයා අත්අඩංගුවට

පසුගියදා කඩාවැටුණු යුක්රේන මගී ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ලකරන දර්ශන රූගත කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ඉරානය පවසනවා.

පී එස් 752 ගුවන් යානය පසුගිය බදාදා ටෙහෙරාන් නුවරින් ගුවන්ගත වී සුලු වේලාවකට පසු කඩාවැටුණා. ඉන් එහි සිටි පුද්ගලයින් 176 දෙනාම ජීවිතක්ෂයට පත්වුණා. අත්අඩංගුවට ගත් පුද්ගලයාට ජාතික ආරක්ෂාව සම්බන්ධ චෝදනාවලට මුහුණදීමට සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම ගුවන් යානයට ප්‍රහාර එල්ල කළේ අත්වැරදීමකින් බව ඉරානය පසුගියදා පිළිගනු ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාන ජනාධිපති හසන් රවුහානි කියාසිටියේ ගුවන් යානයට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම් විශේෂ අධිකරණයක් මඟින් සිදුකරන බවයි. මෙය සාමාන්‍ය හා සුපුරුදු නඩුවක් බවත් මුලු ලෝකයම මෙම අධිකරණය දෙස බලාසිටිනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 10:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo