fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුක්රේන ගුවන් ප‍්‍රහාරය ගැන ඉරාන විමර්ශන ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 09:41

යුක්රේන ගුවන් ප‍්‍රහාරය ගැන ඉරාන විමර්ශන ඇරඹෙයි

යුක්රේන ගුවන් ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලන්ට දඬුවම් ලබාදෙන බව ඉරානය ප‍්‍රකාශ කළා.

ඉරාකයේ පිහිටි ඇමරිකා මධ්‍යස්ථාන වලට ඉරාන මිසයිල ප‍්‍රහාර එල්ල වන අවස්ථාවේදි ගුවන් යානයටත් ප‍්‍රහාර එල්ලවි තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බවයි ඉරාන බලධාරින් සදහන් කළේ. එය තමන් අතින් සිදුවු අත් වැරදිමක් බව ආරක්ෂක අංශ සදහන් කර තිබෙනවා. වීඩියෝ දර්න ලබා ගැනිමටත් බලධාරින් පියවර ගත්තා.

ටෙහෙරාන් වලට ආශ‍්‍රිත ප‍්‍රදේශයකදි ගුවන් යානය අනතුරට පත්වන විට එහි ගමන්ගත් මගින්ගේ සංඛ්‍යාව 176 ක්. විශේෂ අධිකරණයක් මගින් නඩු විමසා වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන බවයි ජනාධිපති හසන් රව්හානි රූපවාහිනිය අමතමින් සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 09:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්