fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපතිගෙන් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස්

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 09:34

ජනපතිගෙන් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස්

අත්අඩංගුවට ගැනිමේදි සුපරික්ෂාකාරිව හා දැඩිව නීතියට අනුව කටයුතු කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නා.

යම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගතයුතු වන්නේ අදාල වගකිම් ඉටු කරන නිලධාරින්ගේ වෘත්තිය තීන්දුව අනුවයි. එම රාජකාරිය ස්වාධීනව කිසිදු බිය ගැන්වීමකින් හෝ අනුග‍්‍රහයකින් තොරව සිදුවන බවට සහතික කර ගන්නා ලෙසටත් ජනාධිපතිුමා දැනුම්දි තිබෙනවා. මහජන නියෝජිතයන් සහ වෛද්‍යවරු වැනි වෘත්තිකයන් සම්බන්ධයෙන් රාජකාරි ඉටු කිිරිමේදි අත්අඩංගුවට පත්වන පුද්ගලයාට නිසි ගෞරවය ලබාදිය යුතු බවයි ජනාධිපතිතුමා දැනුම්දි තිබෙන්නේ.

එම උපදෙස් සියලු ශ්‍රී‍්‍ර ලාංකිය පුරවැසියන් සම්බන්ධයෙන් කිසිදු වෙනසකින් තොරව අදාල වනවා. අවශ්‍ය අවස්ථාවලදී නීතිපති උපදෙස් මත කි‍්‍රයා කරන ලෙසටත් ජනාධිපතිතුමාගේ අනුදැනුම මත ජනාධිපති ලේකම්වරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දි ඇති බවයි මාධ්‍ය ඒකකය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 09:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo