fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන තෛයිපොංගල් උත්සවය අදයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 09:16

හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන තෛයිපොංගල් උත්සවය අදයි

ලොව පුරා දෙමළ හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන තෛයිපොංගල් උත්සවය අදයි.

සශ්‍රීකත්වය ළඟාකරදීම වෙනුවෙන් හිරු දෙවිදුන්ට කෘතවේදීත්වය දැක්වීම තෛපොංගල් උත්සවයේ විශේෂත්වයයි.

ගොවිතැනින් සරු අස්වැන්නක් ලබාගැනීමට දායක වූ හිරු දෙවියන්ට සැළකීම වෙනුවෙනුයි හින්දු බැතිමතුන් තෛපොංගල් උත්සවය පවත්වන්නේ. අද දිනයේ හිරු උදාවත් සමඟ තෛපොංගල් සැමරීමට දෙමළ හින්දු බැතිමතුන් එක්වුණේ ආගමික වතාවත්වලට මුල්තැන දෙමිනුයි. කෝවිල් කරා පැමිණි ජනතාව පුද පූජා පවත්වමින් තෛපොංගල් උත්සවය සැමරීමට කටයුතු කළා. වසර මුලුල්ලේම තම කෘෂිකාර්මික කටයුතුවලට ආශිර්වාද කරන හිරු දෙවියන්ට පළමු අස්වැන්න පූජා කිරීම මෙහිදී සිදු වුණා.

කෘෂිකර්මාන්තයට දායකත්වය ලබාදෙන ගව මහේෂාදී සතුන්ට ද ගෞරව කිරීම තෛපොංගල් උත්සවයේ තවත් විශේෂත්වයක්. තෛපොංගල් යන වචනයේ සිංහල අරුත වන්නේ උතුරා යාම හෙවත් පිටාර ගැලීම යන්නයි. කිරි උතුරවා යාමට සළස්වමින් සියලු දෙනාට සෞභාග්‍ය උදාවේවා යන්න ප්‍රාර්ථනා කිරීම තෛපොංගල් චාරිත්‍ර අතර මුල්තැනක් ගන්නවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 09:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්