fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව බලවතුන් සිව් දෙනා එකම දා ශ්‍රී ලංකාවට (VIDEO)

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 18:59

ලොව බලවතුන් සිව් දෙනා එකම දා ශ්‍රී ලංකාවට (VIDEO)

ලොව ධනවත් හා බලවත් රාජ්‍ය හතරක ඉහළ පෙළේ නියෝජිතයින් පැය 24 ක් තුළ මෙරටට පැමිණියා.

ඇමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය දිවයිනට පැමිණි අතර ඇය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවී සාකච්ඡා කළා. එමෙන්ම චීන විදේශ අමාත්‍ය වැන්ග් යි මහතා ද ජනාධිපතිතුමා හමුවී සාකච්ඡා කළා. ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ මහතා ද ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වුණා. බිදවැටුණු ආර්ථිකය යළි නගාසිටුවීම තම දුරකාලය තුළ ප්‍රධාන ඉලක්කය බව ජනාධිපතිතුමා මෙම ලෝක බලවතුන් හමුවේ කියාසිටියා. ජනාධිපතිතුමා ගෙනයන වැඩපිළිවෙළ අගය කළ එම නායකයින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සදහා උපරිම සහාය ලබාදෙන බව ප්‍රකාශ කළා. ජාතික ආරක්ෂාව යළි තහවුරු කරමින් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට වත්මන් රජය ගෙනයන වැඩපිළිවෙළ සියලු නියෝජිතයින්ගේ පැසසුමට ලක්වුණා. ජනාධිපතිතුමා අපේක්ෂා කරන සෑම ක්ෂේත්‍රයකම කඩිනම් සංවර්ධනයක් අත්කර ගනිමින් රට ඉදිරියට ගෙනයාමට පූර්ණ සහාය දෙන බවයි විදෙස් නියෝජිතයින් මෙහිදී අවධාරණය කළේ.

මේ අතර මෙරට අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය පුළුල් කිරීම සදහා ජපානය සහාය අඛණ්ඩව ලබාදෙන බව එරට පාර්ලිමේන්තු නියෝජිත කොසෝ යමමොටෝ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක‍්ෂ මහතා හමුවේ ප්‍රකාශ කළා. ඒ මහතා අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදීයි මේ බව කියාසිටියේ. මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා ජපාන රජයේ සහාය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියා. එසේම ජපාන සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරුණා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 18:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්