fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රන්ජන් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 18:35

රන්ජන් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැණුනා.  මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස වලදී අත්අඩංගුවට ගත් රන්ජන් රාමනායක මහතා මීට සුලු වේලාවකට පෙර කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගියා.

නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වූවා. ඒ අනුව ගංගොඩවිල මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝගකර ඇත්තේ සැකකාර රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගන්නා ලෙසයි.

අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ රාජකාරිවලට අනිසි බලපෑම් එල්ල කිරීම රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඇති චෝදනාවයි. ඒ මහතා අධිකරණ විනිසුරුවරුන් කිහිප දෙනෙකු සමග පැවැත්වූ දුරකථන සංවාද පරික්‍ෂා කිරිමේදී විනිසුරුවරුන්ගේ රාජකාරිවලට රන්ජන් රාමනායක මහතා අනිසි බලපෑමක් සිදුකර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ඇ දෙක ව්‍යවස්ථාවට අනුව අධිකරණ කටයුතුවලට බලපෑම් කිරීමේ වරද රන්ජන රාමනායක මහතා සිදුකර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් කියාසිටියා. එම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව අධිකරණ කටයුතුවලට හෝ විනිශ්චයකාරවරුන්ගේ රාජකාරිවලට බලපෑමක් කරන්නේ නම් එම පුද්ගලයාට එරෙහිව මහාධිකරණයක් මගින් දඩයක් සමග වසරක සිරදඩුවම් නියම කළ හැකියි.

එවැනි පුද්ගලයෙකුට වසර 7 ක කාලයක් ඡන්ද හිමියෙකු වීමට ජනමත විචාරණයක්, පාර්ලිමේන්තු මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් සදහා ඡන්දය දීමට හෝ රජයේ කිසිදු තනතුරක් දැරීමට සුදුසුකම් නොලබන බව එම ව්‍යවස්ථා ප්‍රතිපාදනයේ සදහන්. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාට නියෝග කර තිබුණා.

ඒ අනුවයි එම කොට්ඨාස නිලධාරීන් මෙසේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ වරෙන්තුව ලබා ගැනීමට කටයුතු කළේ. අධිකරණ නියෝගයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීම සදහා මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස වෙත පැමිණියා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 18:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo