fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිම්බාබ්වේ ටෙස්ට් කි‍්‍රකට් තරඟ සංචාරයට එක්වන ශ්‍රී‍්‍ර ලංකා සංචිතයට අනුමැතිය

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 19:11

සිම්බාබ්වේ ටෙස්ට් කි‍්‍රකට් තරඟ සංචාරයට එක්වන ශ්‍රී‍්‍ර ලංකා සංචිතයට අනුමැතිය

සිම්බාබ්වේ ටෙස්ට් කි‍්‍රකට් තරඟ සංචාරයට එක්වන ශ්‍රී‍්‍ර ලංකා සංචිතයට අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ අනුමැතිය හිමිවුණා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට කි‍්‍රඩකයන් 15 දෙනෙකු ඇතුලත්. ඕෂධ ප‍්‍රනාන්දු , කුසල් මෙන්ඩිස් , ඇන්ජලෝ මැතිව්ස් , දිනේෂ් චන්දිමාල් , ලහිරු තිරිමාන්න , ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල ප‍්‍රධාන පිතිකරුවන් ලෙස සංචිතයට එක්කර තිබෙනවා. දිල්රුවන් පෙරේරා , ලසිත් ඇඹුල්දෙණිය , ලහිරු කුමාර , විශ්ව ප‍්‍රනාන්දු , ලක්ෂාන් සඳකැන් , සුරංග ලක්මාල් සහ කසුන් රාජිත පන්දු යවන්නන් අතරට ඇතුලත්.

ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත තරඟාවලිය සදහා ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායම අනිද්දා (16) දිවයිනෙන් පිටත්ව යාමටයි නියමිත. පළමු තරඟය ලබන 19 වනදා ආරම්භ වන අතර දෙවන ටෙස්ට් තරඟය ආරම්භ වන්නේ ලබන 27 වනදායි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 19:11

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්