හෙරොයින් ජාවාරම් කළ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.
කොටදෙණියාවේ පදිංචිකරුවෙකු වන ඔහු 2010 වසරේ දි කිරුලපන ප්රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබුණේ හෙරොයින් ග්රැම් 2.87 ක් ලඟ තබා ගැනීමේ චෝදනාව මතයි. හෙරොයින් ළඟ තබා ගැනිම සහ ජාවාරම් කිරිම යන අධි චෝදනා වලට ඔහු වරදකරු වී තිබෙනවා.
ඒ අනුව කොළඹ ප්රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එම පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළා.