අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි පාර්ලිමේන්තු මන්ති‍්‍ර රාජිත සේනාරත්න මහතාගෙන් පැය හතරකට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබෙනවා.
ඒ අනුව රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ. ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදින් සෞඛ්‍ය තත්ත්වය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතාගෙන් විමසිමක් කළා.
එහෙත් මන්ති‍්‍රවරයා ඒ පිළිබදව ප්‍රකාශයක් නොකර පිටව ගියා.
නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ දින 18 ක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රාජිත සේනාරත්න මහතා රෝහලෙන් පිටව ගියේ අද (14) අලුයමයි.