fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

57කට දිවි අහිමි කළ කාශ්මීරයේ හිම කුණාටුව

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 17:48

57කට දිවි අහිමි කළ කාශ්මීරයේ හිම කුණාටුව

කාශ්මීරයේ ඇති වූ හිම කුණාටුවකින් පුද්ගලයන් 57 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වුණා.

ගත වූ පැය 24 තුළ ඇති වූ හිම කුණාටුවෙන් තවත් කිහිප දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. නීලම්නිම්න ප්‍රදේශයේ අධික වර්ෂාවත් සමග නායයාම් තත්ත්වයක් ද හට ගත්තා. ඒ හේතුවෙන් දිස්ත්‍රික් 7කට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

සහන සැලසීමේ හා මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. අධික හිම හේතුවෙන් පාකිස්තානය හා ඇෆ්ගනිස්ථානය සම්බන්ධ කරන ප්‍රධාන මාර්ග අවහිර වී ඇති අතර ඇෆ්ගනිස්ථානයට අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය අත්හිටුවීමට බලධාරීන්ට සිදුව තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 17:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්