පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන සේ හැසිරුණු වෙන්නප්පුව ප්රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරිය අධිකරණයේදී වැඳ සමාව ගත්තා.
ආරක්ෂිත හිස් වැසුමක් නොමැතිව යතුරු පැදියක් ධාවනය කරමින් සිටි තරුණියක වෙන්නප්පුව ප්රදේශයේදී පොලිස් රථ වාහන අංශ නිලධාරීන් රදවා ගෙන ප්රශ්න කරමින් සිටියදී ඇයගේ සොහොයුරිය වන අදාළ මන්ත්රීවරිය එම ස්ථානයට කඩා වැදී පොලීසියට බාධාකර තිබුණා. ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකාරියන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද කටයුතු කෙරුණා.
මෙම නඩුව මාරවිල මහේස්ත්රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ සැකකාර මන්ත්රීවරිය හා ඇයගේ නැගණිය වරද පිළිගැනීමට කැමැත්ත පළ කළා. ඒ අනුව සිද්ධියට මුහුණ දුන් පොලිස් නිලධාරීන් හත් දෙනාට විවෘත අධිකරණයේදී වැඳ සමාව ගැනීමට ද ඔවුන් කටයුතු කළා.