fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයේ බස් රථයක් සමඟ මාර්ගයක් ගිලා බැසීම හේතුවෙන් 6 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 16:02

චීනයේ බස් රථයක් සමඟ මාර්ගයක් ගිලා බැසීම හේතුවෙන් 6 දෙනෙකු ජීවිතක්ෂයට

චීනයේ වයඹදිග ප්‍රදේශයේ මාර්ගයක ගමන් ගත්  බස් රථයක් සමඟ එම මාර්ගය ගිලා බැසීම හේතුවෙන් බස් රථයේ සිටි පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

බස් රථයේ සිටි දස දෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වුණේ. මාර්ගය ගිලා බැසීමට ලක්වීමත් සමග එහි සරවූ බස් රථය පුපුරාගොස් ඇති බවයි චීන වාර්තා සඳහන් කරන්නේ. මාර්ගයේ ඉදිකිරීමේදී නිසි ප්‍රමිතීන් අනුගමනය නොකිරීම හේතුවෙන් මෙම සිද්ධිය සිදුවූ බවටයි සැක කෙරෙන්නේ. චීනයේ මෙවැනි හදිසි ගිලාබැසීම් මීට පෙරද වාර්තා වුණා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 16:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්