fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිඟයකින් තොරව ඉන්ධන ලබාදීමට අවශ්‍ය සංචිත රජය සතුයි – ඛණිජ තෙල් සංස්ථාව

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 15:31

හිඟයකින් තොරව ඉන්ධන ලබාදීමට අවශ්‍ය සංචිත රජය සතුයි –  ඛණිජ තෙල් සංස්ථාව

පාරිභෝගිකයන්ට හිඟයකින් තොරව ඉන්ධන ලබාදීමට අවශ්‍ය සංචිත රජය සතුව පවතින බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කළා.

ඒ ගල්ෆ් කලාපයේ මතුව ඇති තත්වය හරහා ශ‍්‍රී ලංකාව තුළ ඉන්ධන සැපයීමට බලපෑමක් ල්ලවිය හැකිද යන්න පිලිබදව ඛණිජ තෙල් අමාත්‍යාංශයේ අද (14) පැවති සාකච්ඡාවකදී. ඉදිරි දින කිහිපයේදීත් ඉන්ධන රැගත් නෞකා කිහිපයක් මෙරටට පැමිණීමට නියමිත බවයි ඛණිජ තෙල් සංස්ථා නිලධාරීන් අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ප‍්‍රකාශ කළේ.

යුද ගැටුමක් ඇතිවුවහොත් ගල්ෆ් කලාපය තුළ ගමනා ගමනයට අපහසුතාවක් ඇතිවිය හැකි බැවින් සිංගප්පුරුවෙන් සහ මැලේසියාවෙන් ඉන්ධන තොග ලබාගැනීමට ද ඛණිජ තෙල් සංස්ථාව මේවනවිට සැලසුම් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 15:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්