පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දී තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයා වෙතයි නීතිපතිවරයා මෙම දැනුම් දිම සිදුකර ඇත්තේ. රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකථන හඩපට සිද්ධියත් සමගයි මෙම පියවර ගෙන තිබෙන්නේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ද අද පෙරවරුවේ පියවර ගැනුණා.